Tuesday, March 19, 2013

ඩී පර්සි සිල්වා - බැසිලිකා එල්ලේ කණ්ඩායම රාගම

              1945 ඹක්තෝම්බර් මස 10 වන දින එවකට එල්ලේ ක්‍රිඩාවට තෝතැන්නක් වූ රාගමදී උපත ලද ඩී පර්සි සිල්වා රාගම කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරන ලදී.කුඩා අවදියේ එනම් වයස අවුරැදු 07 ත් 08 ත්  අතර කාලයේදී පටන් එල්ලේ ක්‍රිඩාවට යොමුවිමෙන් අනතුරැව පාසැල් එල්ලේ කණ්ඩායමට ක්‍රීඩාකිරිමට වරම් ලබාගන්නා ලදී.
      පාසැල් මට්ටමින් අන්තර් පාසැල් තරගමාලාවන් නියෝජනය කරමින් දක්ෂතා පෙන්නුම් කිරිමට සමත් විම මත එනම් වයස අවුරැදු 15 දී  1960 ප්‍රභල එල්ලේ කණ්ඩායමක් වු හාලික්වින්ග්ස් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීමට තරම් වාසනාවන්ත වුයේ ඹහුගේ එම දක්ෂතා නිසාය. එවකට එම කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ක්‍රිඩාකයෙකු වශයෙන් ස්ථානයක් ලබා ගැනිමත් මහත් දුෂ්කර කටයුත්තක් වුවද මොහුගේ දක්ෂතා මත එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සෑම තරගයකදීම දක්ෂ්කම් දක්වන ලදී.
  එවකට කණ්ඩායමේ නායකයා වශයෙන් වෝල්ටර් සිල්වා කටයුතු කල අතර සෙසු ක්‍රිඩකයින් වූයේ (ඡායාරැපයේ වමේ සිට දකුණට)සනී හියුබට් සොයිසා,ඩි පර්සි සිල්වා,බෙනඩික් පෝල්,සීමන් සිල්වා,වෝල්ටර් සිල්වා(නායක)මයිකල් වැන්සස්,බෙනඩික් සොයිසා,සිසිල් සිල්වා,කැමිලස් සිත්වා,මිල්ටන් සිල්වා,ලයනල් පෙරේරා(ලංකාවේ ප්‍රථම එල්ලේ සුරයා)ස්ටොප් සිල්වා,බ්‍රර්නාඩ් සිල්වා,පෙඩ්රික් මෙන්ඩිස්,සබියෙල් ප්‍රනාන්දු,කැමිලස් ඇන්ටනි යන අයවලුන්ය.
          හාලික්වින්ග්ස් යන මෙම ක්‍රීඩා සමාජය පසුව රාගම බැසිලිකා යන නමින් දිවයිනේ දක්ෂ එල්ලේ කණ්ඩායමක් වශයෙන් 1990 දශකය දක්වාද එල්ලේ ක්‍රිඩාවේ රැදි සිටින ලදී.
                                         
............................................................................................................

............................................................................................................
If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number +094718669451
  VISIT , SEE AND READ ALL WHICH I WRITE                                                                     


   Face book - Sri Lanka Elle ,   S  Jude Silva             Telephone number -  +94718669451 
 www.youtube.com   - sri Lanka elle                                                                                   
 E mail     - sssjsilva@yahoo.com,   ranjithsilva30@yahoo.com  
 Web For Sri Lanka Elle   
http://srilankaelle123456.blogspot.com    
                                                                                                                                                                                     Other web For Sri Lanka elle
     http://S jude Silva.blogspot.com                                                
............................................................................................................




No comments:

Post a Comment